ප්‍රධාන අමාත්‍යතුමාගේ පණිවිඩය



                                                                                                                  
  සබරගමුව පළාතේ ගරු ප්‍රධාන අමාත්‍යතුමාගේ පණිවිඩය                                     
   සබරගමුවෙ අධ්‍යාපනය අද අතු පතර විහිදා වැඩුණු විසල් රැකක් මෙනි. එය මලින් පලින් බර වී බබළමින් තිබෙ. මෙ වෘක්ෂය පෝෂණය කරන්නට දිය අදිමින් පෝර සපයමින් අප විසින් විදින ලද වෙහෙස සිහි වන විට සිතට නැගෙන්නේ මහත් සතුටකි.සියුමි ආඩමබරයකි.
පාසල් වල පහසුකමි පෙරට වඩා වැඩිය. දරුවන්ගේ පිසල් පැමිණීමෙ ප්‍රත්ශතය ඉහළ ගොස් තිබෙ.ඔව්න්ගේ සාධන මටිටම පෙරට වඩා ඉදිරියෙනි.දෙමාපියන්ගේ ඇල්ම බැල්ම දරුවන්ගේ පාසල් අධ්‍යාපනය කරා වඩාත් යොමු කරවා ගැනීමටද අපි සමත් වී සිටිමු.
අපගේ දරුවෝ ගිය ගිය තැන් වල ජයජය ගොස නංවමින් හිදිති.ඔවිහූ පොදු විභාග ඉදිරිපත් කළ දිවයිනේ විශිෂ්ඨයන් අතරට එක් වෙති.ක්‍රීඩා පිටියට පිවිසි කළ පිළිමළුන් අභිභවනය කරමින් ජාතික තලයෙහි පමණක් නොව ජාත්‍යන්තර තලයෙහිත් නම රදවති.
xxii වන සබරගමු පළාත් පාසල් ක්‍රීඩා උත්සවය වෙනුවෙන් සමරු සටහනක් එක් කරන්නට අවස්ථාව උදා වූයේද අපගේ දියණිවරුන් දෙදෙනෙකු දකුණු ආසියාතික මලල ක්‍රීඩා උලෙලෙහි පදක්කමි ලාභීන් වී ශ්‍රී ලංකාවෙ වැඩිම පදක්කමි සංඛ්‍යාවකට හිමිකමි ලැබූ පළාත බවට අප පත් කල උණුසුම තාමත් සියොලග දැවටෙමින් තිබියදීය.
එසේ නමි මම ඉමහත් ප්‍රභර්ෂයෙන් යුතුව ක්‍රීඩා උළෙලට සුභ පතමි. තරග මාලාවට පුරාවට දුව පැන තරග වදිමින් සබරගමුව හැඩ ගන්වන්නට , වෙර ගන්වන්නට , එය ජාත්‍යන්තර තලයට ඔසවා තබන්නට වීරිය දරන දිරිය දරුවන්ට ආශිර්වාද කරමි. පොලොවෙන් මතු කොට ඔප දමන මැණිකක් සේ ඔවුන් බබුළුවන සියලු ගුරුවරුන්ට  කෘතඥතාව පළ කරමි. ක්‍රීඩා උළෙල සංවිධානය කල සියලු දෙනා වෙත ප්‍රශංසාව පළකරමි. දෙමාපියන් ඇතුළු සියලු දෙනාගේම යහ අරමුණු සඵල ‍වෙවායි පතමි. ජයග්‍රාහී මාවත දිගේ සබරගමුව නොනැවතී ඉදිරියට

                                           මහීපාල හේරත් 
                                           ගරු ප්‍රධාන අමාත්‍ය
                                           සබරගමුව පළාත් සභාව