ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ පණිවිඩය
 xxii වන වරටත් සංවිධානය කරන ලද සබරගමුව පළාත් පාසල්  ක්‍රීඩා උත්සවය නිමිත්තෙන් එළිදක්වන සමරු කලාපය සදහා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සුභ පැතුමි පණිවිඩයක් ඇතුලත් කරන්නට ලැබීම ගැන සතුටට පත් වෙමි.

විශ්වයට සමිපතක් වන සමස්ත දේශයටම අබිමානයක් ගෙන දෙන දරුවන් පාසල් පද්ධතියෙන් බිහිකිරීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව තිබෙ.අවශ්‍යතාව ජාතික වගකීමක් ලෙස සලකාමින් අධ්‍යාපන කේෂත්‍රයේහි නිරත වන සියලු දෙනාට ස්තුති කරන්නට මෙය අවස්ථාවක් කර ගනිමි.සබරගමුව පළාතේ ජාතික පාසල් 28 ක් සහ පළාත් සභා පාසල් 1070 කින් තෝරා ගත් දක්ෂතා සපිරි සිසු දරුවන්ගේ ක්‍රීඩා කුසලතා එළිදක්වන්නට අවස්ථාව සලසා දෙමින ඔවුන් ජාත්‍යන්තරතලයට ඔසවා තබන්නටත් ඒ මගින් ඔවුන් දරිමත් වීමටත් මෙම උත්සවය මහත් පිටුබලයක් සපයනු නොඅනුමානය.
   මෙ වන විටත් ජාතික ගලය මෙන්ම ජාත්‍යන්තර මටිටමෙ කීර්තියක් රටට ලබා දෙන්නට සබරගමුව අධ්‍යාපන පළාත සමත්ව සිටීම ආඩමිබරයට කරුණකි.2012 වසරේ පැවති ආසියානු කණිෂ්ඨ ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය ශිවන්ති රත්නායක සහ ‍හාමිකා ජයමිණි යන දරුවන්ද සබැගමු අධ්‍යාපන පළාතේ බිහිව ඇති බව දැනගන්නට ලැබීම සතුටට කරුණකි. ඉදිරියේදීත් එවන් අභිමානවත් දක්ෂතා පූර්ණ දූ දරු පරපුරක් අකාගතයට දායක කරන්නට සබරගමු පළාතට ශක්තිය හා වාසනාව ලැබෙවායි ප්‍රාර්ථනා කරන අතර මෙවර ක්‍රීඩා උත්සවය සර්ව ප්‍රකාරයෙන්ම සාරථක වෙවායි සුභ පතමි.

                                    බන්ධුල ගුණවර්ධන
                                    ගරු අධ්‍යාපන අමාත්‍ය