රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගේ සුභ පැතුමි පණිවිඩය
2012 සබරගමුව පළාත් ක්‍රීඩා උළෙලට සුභ පැතුමි ගෙන එන්නට අවස්ථාවක් ලැබීම පිළිබදව රත්නපුර දිස්ත්‍රික් නායකයා වශයෙන් බෙහෙවින් සතුටට පත් වෙමි. ඒ පිලිබදව සංවිධායක කමිටුවට මාගේ ස්තුතිය පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගතිමි.
දැයේ දූ දරුවන් රටට වැඩදායි පුරවැසියන් ලෙස ගොඩනැගීමෙදී ඔවුන්ගේ දැනුම , ආකල්ප , කුසලතා , සමබරව සංවර්ධනය කල යුතුවෙ. ක්‍රීඩා වි‍‍‍‍‍‍‍‍‍ෂය තුළින් මෙ තුන් ආකාර වූ අපේක්ෂාවන් මුදුන් පමුණුවාලිය හැකි වන්නේ විනය , නායකත්ව ගුණාංග මානසික ඒකාග්‍රතාවය සමානව දැඩි පෞර්ෂ වර්ධනයක් සිදු වූ විටයි. එවන් විශිෂ්ඨ හැකියා දක්ෂතා ඉස්මතු කරවන , පාසල් පාසල් ක්‍රීඩා පිටිය හරහා ජාත්‍යන්තරය ජය ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කරවන සබරගමුව පළාත් ක්‍රීඩා උළෙල සර්ව ප්‍රකාරයෙන්ම සාරථක වෙවායි ප්‍රාර්ථනා කරමි.

                                   ඩබිලිවි.ඒ.ජේ.සෙනෙවිරත්න
                                   රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය