සබරගමුව පළාත් සභාවෙ ප්‍රධාන ලේකමිතුමාගේ පණිවිඩය

සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුව වාර්ෂිකව පවත්වන පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියෙහි මෙම විසි දෙවන පියවර වෙනුවෙන් නිකුත් කරන සමරු කලාපයට පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම ගැන සතුටු වෙමි.

    සබරගමුව පළාත් පාසල් අතර විසිරී සිටින ක්‍රීඩා කේෂත්‍රෙයෙහි කුසලතා හා සපිරි පාසල් දරු දැරියන් මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වෙති.උගතුන් බුද්ධිමතුන් පාසල් පද්ධතියෙන් බිහිවෙද්දී ඔවුන් කායිකව මානසිකව පිරිපුන් පිරිසක් වීම වාසනාවකි.එවන් පිරිපුන් මිනිසුන් ගොඩ නැගුනේ පාසල් ක්‍රීඩා පිටියෙන් බව අප අමතක නොකල යුතුය.
සුහද තරගකාරිත්වය තුලින් ඔවුනගේ දක්ෂතා ප්‍රදර්ශනයටඅවස්තාව මෙන්ම නායකත්වය , ඉවසීම, සහභාගීත්වය, කණ්ඩායමි හැගීම හා අනන්‍යන්ට ගරු කිරීම වැනි විශේෂිත වූ ගුණාංග රාශියක් සංවර්ධණය කර ගැනීමට මෙය බවහල් වෙ.අනාගත පරපුර යහපත් ක්‍රියාශීලී පුරවැසියන් බවට පත් කිරීම මෙය මහගු අවස්ථාවක් වෙ.
සබරගමුව පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් පසුගිය වකවානු තුලදී ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා තරග වල සුපිරි දක්ෂතා අප පළාතට අභිමානයක් අත් කරදී ඇති බව සදහන් කරන්නේ සතුටිනි.
22 වන සබරගමුව පලාත් පාසල් ක්‍රීඩා තරගාවලිය සංවිධානය කල සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුවෙ ක්‍රීඩා අංශයට මගේ ප්‍රනාමය පුද කරමි.
අවසාන වශයෙන් ක්‍රීඩා තරගාවලියේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙවායි පතන අතරම දරුවන්ගේ දක්ෂතා තවදුරටත් දියුනුවට පත්ව ජාතික හා ජාත්‍යන්තර තලයේ ජය කෙහෙලි නැංවීමට හැකියාව ලැබෙවායි ප්‍රාරථනා කරමි.

                                                              හේරත් .පී. කුලරත්න
                                                              ප්‍රධාන ලේකමි
                                                              සබරගමුව පළාත් සභාව .