සබරගමුව පලාත් සභාවෙ ප්‍රධාන අමාත්‍යංශ ලේකමිතුමාගේ පණිවිඩය

සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙලට සුභපැතුමි එක් කිරීමට ලැබීම පිළිබද පළමුව මම බෙහෙවින් සතුටු වෙමි.
මෙවැනි ක්‍රීඩා උත්සව තුළින් සබරගමුව පළාතෙන් ජාත්‍යන්තර තලය නියෝජනය කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවූ අවස්ථා පිළිබද ඉතිහාසය සාක්ෂි දරයි.
2012 වසරේ xv වන ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී රන් හා ලෝකඩ පදක්කමිලාභීන් සබරගමුව පළාතෙන් බිහිවීම තුළින් පෙනී යන්නේ සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා අංශයේ ජයග්‍රාහී ඉදිරි දැක්මක පෙරමග ලකුණුය.
අධ්‍යාපනයේ අරමුණ වන්නේ  මානව දයාවෙන්  හෙබි යහපත් පුරවැසියන් බිහිකිරීමයි.මෙහිදී ක්‍රීඩා විෂය සමබර අධයාපනයක් ලැබීමට මෙන්ම නිරෝගිමත් දරුපරපුරක් බිහිකිරීමටද ඉමහත් පිටිවහලක් වෙ.
ආරෝග්‍යා පරමාලාභා යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කලේ සියලු ලාභයන්ට වඩා උතුමි ලාභය නිරෝගිකම යන්නයි. අපේ රටෙ ඉතිහාසය දෙසට හැරී බලන විට පෙනී යන්නේ ජව සමිපන්න නිරෝගිමත් මිනිසුන් විසින් බිහිකල ලොව මවිත කල නිර්මාණයන්ය. එයට හේතු වූයේද නිරෝගිමත් නිදහස් චින්තනයෙන් හෙබි මිනිසුන් බිහිවීමයි.
ක්‍රීඩාවෙ අරමුණ විය යුත්තේ පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයන් කීප දෙනෙකුගේ කුසලතා මතු කර දැක්වීම පමණක් නොව සියලු මානව ප්‍රජාව තුළ ශාරීරික හා මානසික සුවය ක්‍රීඩාවෙ අවශ්‍යතාව පිළිබද යහපත් ආකල්ප ඇති කිරීමයි. එසේම ජය පරාජය හදුනා ගත හැකි විනය ගරුක ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමද අපේ අරමුණ විය යුතුය.
අධ්‍යාපන ක්‍රියාවලියට සමගාමීව ක්‍රීඩා කුසලතාවයන් සියලු පුරවැසියන් තුළ ඇති කිරීම තුළින් ජවසමිපන්න නිරෝගියත් මානසික සුවයෙන් යුතු මානව ප්‍රජාවක් බිහිකල හැකි වන අතර ඔවුන් රටෙ ඉදිරි සංවර්ධනයට මහත් පටිවහලක් වෙ.
එබැවින් මෙම ක්‍රීඩා උළෙල තුලින් ලොව ජය ගන්නට සමත් සබරගමු ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවෙවායි අධ්‍යාපන විෂය භාර අමාත්‍යංශ ලේකමි වරයා ලෙස හෘදයාංගම සුභ පැතුමි එක්කරමි.
මෙම සියලු කාර්යන්හිදී සබරගමු පළාත් ගර් පුධාන අමාත්‍යතුමා විසින් කරන්නාවූ මගපෙන්වීම ස්තුති පූර්වකව සිහිපත් කරමි.
                                             
                                                  මහින්ද. එස් . වීරසූරිය
ලේකමි
ප්‍රධාන අමාත්‍යංශය
සබරගමුව පළාත් සභාව