සබරගමුව පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ පණිවිඩය


සබරගමුව පළාත් පාසල ක්‍රීඩා උළෙල 2012 උත්සවය සදහා පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම සතුටකි.XXII වන වරටත් සබරගමුව පළාතේ දුවා දරුවන්ගේ හැකියා තුසලතා එළි දැක්වීමට
පවත්වනු ලබන මෙම ක්‍රීඩා උළෙල පිලිබදව මගේ ඇගයීම හා සතුට පලකරමි.පංති කාමර ක්‍රියාවලියෙන් බැහැරව දරුවන්ගේ  පෞරුෂය වර්ධනයට මානසික සමබරතාවයට ක්‍රීඩා පිටිය හොදම තොතැන්නකි.
සැගවුණු ළමා හැකියා එළිපෙහෙලි කිරීමටද ඔපමටිටමි කිරීමටද ක්‍රීඩා විෂය බාර අධ්‍යක්ෂවරයාද , ගුරු උපදේශකවරුන්ද , ක්‍රීඩා ගුරු භවතුන්ද , ඉමහත් කාර්යබාරයක් ඉටු කරති. ඔවුන්ගේ වෙහෙස මහන්සිය හා කැපවීමටද , මගේ ගෞරවය මෙයින් පුද කරමි. අඩු පහසුකමි මධ්‍යෙය් වුවද ජාතික මටිටමෙ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග උරෙන් උර ගැටී තරග කිරීමෙ ශක්තිය හා ධෛර්යය අපගේ දරුවන්ට ඇත.
ආසියා මලල ක්‍රීඩා උළෙලේදී පදක්කමි දිනන්නට අප දරුවන්ට හැකියාව ඇත. එම ක්‍රීඩා උළෙල පළමු වරට ලංකාවෙ පැවැත්වූයේ පසුගිය මාසයේදීය. එම උළෙලේ පළමු රන් පදක්කම දිනා ගත්තේද අපගේ දියනියක විසිනි. ආසියාතික ක්‍රීඩා උළෙලේ රන් පදක්කමි , ලොකඩ පදක්කම දිනා ගැනීමට සබරගමුව දරුවන් සමත්ව සිටී.ලංකාවට හිමි වූ  එකී පදක්කමි 04 න් 02 ක්ම ලබා ගත්තේ අපගේ දරුවන් ව‍ිම අපට ඉමහත් ගෞරවයකි. ආඩමිබරයකි.තවත් එවැනි හැකියා සහිත දරුවන් බොහොමයක් සබරගමුව පලාතේ සිටිති. ඔවුන්ගේද හැකියා ඔප් නැංවීම අපගේ අරමුණයි.මෙම පළාත් පාසල් ක්‍රීඩා උළෙලද එකී අරමුණ සදහා සංවිධානය කරන ලද්දකි. ආසියාතික ක්‍රීඩා උළෙලින් ඔබිබට ඔලිමිපික් තරග දක්වා යා හැකි ශක්ති සමිපන්න දරුවන් අප පලාතෙන් බිහිවනු දැකීම  අපගේ එකම අභිප්‍රායයි.